කිලිනොච්චි‌යේ දිවියා ඝාතනය කළ තවත් සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Share

කිලිනොච්චිය – අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරුවන් අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන කිලිනොච්චිය සහ ධර්මපුරම් යන ප්‍රදේ්ශවල පදිංචිකරුවන් ව‌ෙයි.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (25) දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News