ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කරයි

Share

යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇත.

මෙම විද්‍යාලය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

නවීන ලෝකයට ගැළපෙන පාඨමාලා හැදෑරීමට තරුණ තරුණියන් වෙත අවස්ථාව හිමිකර දීම මෙහි අරමුණ වන අතර  පොතේ දැනුමට පමණක් සීමා නොවන, ප‍්‍රායෝගික කුසලතාවන් වර්ධනය කර ගත හැකි පරිදි පාඨමාලා සකස් කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නා බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආණමඩුව නගරයට නුදුරින් ඉදි කෙරෙන මෙම කාර්මික විද්‍යාල භූමිය අක්කර ගණනාවකින් සමන්විත වන අතර, ලෝකයේ වැඩි ඉල්ලුමක් සහිත ක්ෂේත්‍ර මත පදනම් වෙමින් පාඨමාලා සකස් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සිසු සිසුවියන් 700 ට පමණ එකවර පාඨමාලා හැදෑරීමේ පහසුකම්වලින් මෙය සමන්විත වේ. එමෙන්ම ක්‍රීඩාංගනය, පිහිනුම් තටාකය, පුස්තකාලය, විද්‍යාගාර, නේවාසිකාගාර ඇතුළු පහසුක රැසක් මීට ඇතුලත්ය.

Read more

Local News