පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Share

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිළධාරින්  2600 දෙනෙකු පමණ යොදවා ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් ආරක්ෂක රාජකාරි මෙන්ම මහජනතාව හැසිරවිම, රථ වාහන හැසිරවීම සහ සිවිල් අඳුමින් සැරසී ආවේක්ෂණ යන රාජකාරි සඳහා යොදවා ඇති බවයි.

Read more

Local News