ඊජිප්තු කණ්ඩායම පරදා සෞදි අරාබි කණ්ඩායම ජය වාර්තා කරයි

Share

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊජිප්තු කණ්ඩායම හා සෞදි අරාබි කණ්ඩායම අතර පැවැති තරඟය ජය ගැනිමට සෞදි අරාබිය සමත්විය.

ඒ ගෝල 2-1ක් ලෙස ජය වාර්තා කිරීමට යි.

මෙම තරඟයට ඊජිප්තු කණ්ඩායම නියෝජනනය කරමින් ප්‍රභල ක්‍රීඩක මොහොමඩ් සලාද සහභාගිවූ අතර ඔහු තරඟයේ 22 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් ඊජිප්තුවට තරගයේ පෙරමුණ ගෙන දුන්නේය.

කෙසේ වෙතත් සෞදි කණ්ඩායමේ අල් ෆරාජ් (45) වැනි විනාඩියේදී දඬුවම් පරහක් සාර්ථක කර ගනිමින් තරගය 1-1 ක් ලෙස සම කළේය.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරිමට නොහැකි වුවත් තරගයේ අවසාන විනාඩියේදී ගෝලවක් වාර්තා කිරීමට සෞදියේ අල් ඩව්සාරි සමත්වීමත් සමග තරගයේ ජය සෞදි අරාබියට හිමිවිය.

Read more

Local News