තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි – තැපැල් සේවකයින් අද සිට සේවයට

Share

දින 16 ක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තැපැල් වෘත්තිය සමිති ඊයේ (26) පස්වරුවේ තීන්දු කළේය.

ඒ අනුව තමන් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව නවතා, අද (27) දින සිට සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ලබන ජූලි මස 7 දා වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඒ වනවිට පවතින ගැටලු සියල්ල සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු  පවසයි.

Read more

Local News