පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා‌යේ විශේෂ මෙහෙයුමක්

Share

දකුණු පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල යන පොලිස් කොට්ඨාශවල මේ වන විටත් එම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුල පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිද්ධීන් රැසක් වාර්තා විය.

මාතර නගරයේ පිහිටි රන් ආභරණ වෙළද සැලක් කොල්ල කෑම සහ අකුරැස්ස – විල්පිට ප්‍රදේශයෙදි පාතාල කල්ලි සාමාජිකයින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පතාල කල්ලි සමාජිකයකු පසුගියදා මිය ගියේ ය.

දැනට  ඩුබායිහි සැගව සිටින බවට සැකකෙරෙන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් දකුණේ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන බවටයි වාර්තා වන්නේ.

මේ අතර දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ මෙහිදී බීමත් රියදුරන් 650 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 635 ක් සහ නීතිවිරෝධී ගිනි අවි ළග තබා ගත් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

එසේම, හෙරොයින් සහ විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 531 ක් මෙන්ම බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ සහ අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

එසේම, මෙම මෙහෙයුමේදී රථ වාහන නඩු 5254 ක් ලබා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේ.

Read more

Local News