ඇමරිකාවේ පුවත්පත් ආයතනයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට

Share

ඇමරිකාවේ පුවත්පත් ආයතනයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඇමරිකාවේ – මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් ආයතනයකට නාදුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව ති‌‌බ‌ෙ‌න බවයි විද‌ෙ‌ස් මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ.

ඉන් පුද්ගලයින් කිහිප ද‌ෙන‌ෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් සඳහන් ව‌ෙයි.

පුවත්පත් ආයතනයේ බලධාරින් ආරක්ෂක අංශ ව‌ෙත කඩිනමින් දැනුම් දීම ‌හ‌ේතුව‌ෙන් සිදුවු ජිවිත හානි ප්‍රමාණය අවම කරගත හැකි වු බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්ත‌‍ේ.

ප්‍රහාරය‌ෙන් වාර්තාකරුවන් ද‌ෙද‌ෙන‌ෙක්, සංස්කරණ ශිල්පීන් ද‌ෙද‌ෙන‌ෙක් සහ එක් ව‌ෙලද  ප්‍රචාරකවරයෙකුත් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විද‌ෙ‌ස් මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ.

ව‌ෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම ආයතනය තුළ 170කට අධික පිරිසත් ස‌ේවය කරමින් සිටි බවයි ආයතනය‌ේ බලධාරින් ප්‍රකාශ කර ඇත්ත‌ේ.

ම‌ෙම පුවත්පත් ආයතනයට සිදුවු ප්‍රහාරය‌ෙන් පසුව එරට සෑම මාධ්‍ය ආයතනයකටම ප‌ොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවත් සඳහන් ව‌ෙයි.

 

Read more

Local News