වාලම්පුරියක් සමග පුද්ගලයින් 07දෙනෙකු අත්අඩංගුවට

Share

විකිණීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනාකමක් ඇතැයි කියන විශාල ප්‍රමාණයේ වාලම්පුරියක් සමග පුද්ගලයන් 07දෙනෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ දීයි.
අත්අඩංගුවට ලත් සැකකරුවන් 32,38, 39, 40, 42, 46, සහ 49 යන වයසවල පසුවන පොතුහැර, කන්තලේ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (29) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ.

Read more

Local News