ට්‍රැක්ටරයක් පෙරැළි තරුණයෙක් මරුට – 08කට තුවාල

13

ට්‍රැක්ටරයක් මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී පෙරැළි අනතුරට ලක් වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

පොසොන් පොහොයට වන්දනාවේ යමින් සිටි තරුණයින් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් ම‌ෙ‌සේ පෙරැළි අනතුරට ලක් වී ඇත.

ට්‍රැක්ටරයේ ටේලරයට යටවීමෙන් ම‌ෙ‌සේ තරුණයා මරණයට පත් වි ඇත.

තුවාලකරුවන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ අතර 12 හැවිරිදි පිරිමි දරුවකු ද සිටින බව පොලීසිය පවසයි.