ආචාර්ය සමන් කැළෑගම මහතාග‌ේ ගුණානුස්මරණ සම්මන්ත්‍රණය සඳහා අගමැති එක්ව‌ෙයි

Share

ආචාර්ය සමන් කැළෑගම මහතාග‌ේ ගුණානුස්මරණ සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාග‌ේ ප්‍රධානත්වය‌ෙන් පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යතුමා,

අපි ඉන්දියන් සාගරය‌ේ මධ්‍යය‌ේ පිහිටි රටක්. එම පිහිටිම ඉතාම සුවිශ‌ේෂි ව‌ෙනවා. විශ‌ේෂය‌ෙ‌න් එය අප රටේ ආර්ථිකයට විශාල වාසියක් ග‌ේනවා. ‌මේ වනවිට අපට ව‌ෙළ‌ෙඳප‌ොළ තුළ ලැබී තිබ‌ෙන්න‌ේ මධ්‍යස්ථයයි.

ක‌ෙ‌සේ ව‌ෙතත් අපි ආර්ථික අතින් රටවල් ප්‍රමාණයක් අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. එම‌ෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආර්ථික වර්ධනය භ‌ෞතික වශය‌ෙන් ආරම්භ වී තිබේ.

අපට ඉදිරියේදී ඒ් හරහා ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරඟ කිරීමට හැකියාව ලැබේවී. දීර්ඝ කාලයක් ගතවීමට ‌‌‌පෙර අප ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කළ යුතුයි.

මම හිතනවා අපි ඒ සඳහා පරාක්‍රමබාහු රජතුමාග‌ේ ආර්ථික සංවර්ධන වැඩපිලිව‌ෙළ පිළිබඳව අවධානයක් ය‌ොමු කළ යුතුයි කියලා. එතුමාග‌ේ ආර්ථික වැඩපිලිව‌ෙළ සඳහා කිසිම ක‌ෙන‌ෙකුට අභිය‌ෝග කළ න‌ොහැකියි.

Read more

Local News