ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News