ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳ විධිමත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

Share

කලා රසය ඉහළ නැංවෙන, ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා විධිමත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ කලාකරුවන් සමග (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ.

දිවයින පුරා සිනමා ශාලා නවීකරණ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කොළඹින් පිට ප‍්‍රමිතියෙන් යුත් රංග ශාලා නොමැතිවීම හේතුවෙන් කර්මාන්තයේ උන්නතියට එල්ලවන බාධාවන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පළාත් සභා සමග සාකච්ඡා කර ප‍්‍රධාන නගරවල ප‍්‍රමිතියෙන් යුත් එක් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවයි.

එමෙන්ම විදේශීය ටෙලිනාට්‍ය හේතුවෙන් දේශීය ටෙලිනාට්‍ය කලාවට එල්ලවී ඇති බලපෑමත්, ඒ සඳහා කි‍්‍රයාත්මක බදු ක‍්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නගාසිටුවීම වෙනුවෙන් නව අරමුදලක් පිහිටුවීමට ද යෝජනා කෙරිණි.

 

Read more

Local News