රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා අසත්‍යයි

Share

රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට අසත්‍ය වාර්තා පැතිර ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අප කළ විමසිමක දී අතුල බණ්ඩාර හ‌ේරත් මහතා ප්‍රකාශ කළ‌ේ, එලෙස තෙල් හිඟයක් නොමැති බවයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශවයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News