යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකුට මේජර් ජෙනරාල් නිලයටත්, කපිතාන් නිලයේ නිලධාරින් 34 දෙනෙකු මේජර් නිලයටත් උසස් කෙරේ

Share

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කපිතාන් නිලයේ නිලධාරින් 34 දෙනෙකු මේජර් නිලයටත් නිල උසස්වීම් ලබාදී ඇති බව ඊය‌ේ (29) දින යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මෙම නිල උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදාවේ ආධාරක, පාබල හා සේවා රෙජිමේන්තු නියෝජනය කරමින් දශක 3 ක් පුරාවට අප මාතෘභූමිය වෙලා සිටි බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදවාගැනීමට දියත්කරන ලද මානුෂීය මෙහෙයුමේදී තම මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ඨ හා ගෞරවණීය සේවාවක් ඉටුකරන ලදී.

Read more

Local News