දිස්ත්‍රික්ක කිහිපයකට සවස 02.00 න් පසු වැසි

Share

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වේ.

Read more

Local News