වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

Share

වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

මේ අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

Read more

Local News