වතුකරයේ දරුවන්ට අධිපෝෂණ ශක්තියෙන් යුත් බිස්කට් වර්ගයක්

Share

වතුකරයේ දරුවන්ට අධි පෝෂණ ශක්තියෙන් යුත් බිස්කට් වර්ගයක් හදුන්වාදීම කළුතර තෙඹුවන අරපොලකන්ද වතුයායේ දී ඊයේ (01) සිදු විය.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය දුරලීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම බිස්කට් වර්ගය නිෂ්පාදනය කර ඇත.

වයස අවුරුදු 02-05 අතර දරුවන්ට මෙම බ්ස්කට් වර්ගය බෙදාදීමට නියමිතය.

මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ එක් එක් වතු අධිකාරිවරුන්ට එම වතුයායේ දරුවන්ට අවශ්‍ය බ්ස්කට් තොග සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන්නේය.

Read more

Local News