දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29 ක් ජනතා අයිතියට

Share

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතාගේ මඟපෙන්වීම යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද නිවාස 29 ක් ඊයේ (1) දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කරන ලදි.

පර්චස් 07ක ඉඩමක, රුපියල් ලක්ෂ 10 ක් වටිනාකමින් යුත් වර්ග අඩි 550 ක අංග සම්පූර්ණ ‍මෙම නිවාස සඳහා නිරවුල් ඔප්පුද පිරිනැමීම සිදුවූ අතර නිවාස ව්‍යාපෘතියට අදාළ ලක්ෂ 17 කින් යුත් ජල ව්‍යාපෘතිය, ලක්ෂ 10 කින් යුත් කොන්ක්‍රීට් කරන ලද මාර්ගයද මෙහිදී විවෘත කළේය. තවද මෙම නිවාස සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදවමින් විදුලියද ලබා දී තිබේ.

Read more

Local News