“බිගු ජනපද” නමින් මී මැසි පාලන කලාප කිහිපයක් දිවයිනේ ස්ථාපිත කිරීමට පියවර

Share

මීමැසි පාලනය මඟින් මී පැණි නිපදවීමට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශයක්ම ඉතාමත් උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

එසේ වුවත් දැනට අපේ රටේ මී පැණි නිෂ්පාදනය සිදු කෙරෙනුයේ ජාතික අවශ්‍යතාවයට වඩා ඉතාමත් අඩුවෙනි. මේ නිසා වාර්ෂිකව මෙරටට මී පැණි ආනයනය සඳහා අති විශාල මුදලක් විදේශරටවලට වැය වේ. 2017 දී මෙරටට මී පැණි ආනයනය කිරීම සඳහා වැය කර තිබෙන මුදල රු. මි. 466කි.

මීමැසි පාලනය පර්චස් හත අටක ඉඩමක වුවත් සිදු කළ හැකි වේ. එමෙන්ම මීමැසි පාලනය යනු වියදම් දැරීමට සිදුවන වගාවක්ද නොවේ. එමනිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලද්දේ “බිගු ජනපද” නමින් මී මැසි පාලන කලාප කිහිපයක් දිවයිනේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි 10,000ක් ඉදිරි මාස 06 තුළ නොමිලේ බෙදාහැරීමට නියමිත අතර, මීමැසි පාලනය සඳහා අවශ්‍ය මීමැසි ජනපදලබා දීම, තාක්ෂණය, හා මීපැණි නිපදවීමට අවශ්‍ය  උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙළඳපොල  සොයා දීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙයි.

දැනට අප රටට අවශ්‍ය මී පැණි තායිලන්තය හා ඕස්ට්‍ර‌ෙලියාව වැනි රටවලින් ආනයනර කරනු ලබන අතර මී පැණි බහුල වශයෙන් තරුපහේ හෝටල්, දේශීය ඖෂධ නිෂ්පාදනය, ගුවන් සේවාවල දී සපයන ආහාර පාන වැනි අවස්ථාවන්හිදී භාවිතා කරයි. එමනිසා මීපැණි දේශීය වශයෙන් නිපදවීම ඉහළ නැංවීම මගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකිවේ.

එමනිසා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ පිරිස්වලට එක් අයෙකුට අඩුම තරමින් මීමැසි පෙට්ටි 05-10ත් අතර ප්‍රමාණයක් ලබාදීම තමන් බලාපොරොත්තු වන සඳහන් කළ අමාත්‍යවරයා “අපි වවලයි -අපි කන්නේ” නව කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මී පැණි නිපදවන කලාප කිහිපයක් අප රටේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පැවසීය.

Read more

Local News