මෙක්සිකෝවේ ජනාධිපතිවරණයේ ජය ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ට

Share

මෙක්සිකෝවේ ඊයේ (01) පැවති ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයක් වාර්තා කිරීමට වාමාංශික අපේක්ෂකයා වූ ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් සමත්වී තිබෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු සියයට 53 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් විය.

රට තුළ පවතින දූෂණය තුරන් කරන බවට ඔහු මෙවර මැතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබේ.

පාලක ආයතනික විප්ලවවාදී පක්ෂය, ඉදිරිපත් කළ අපේක්ෂකයා ජනාධිපතිවරණයේදී තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, පසුගිය සියවසෙහි බොහෝ කාලයක් මෙක්සිකානු දේශපාලන ආධිපත්‍යය පතුරුවනු ලැබුවේ මෙම විප්ලවවාදී පක්ෂය විසින්.

Read more

Local News