දේශීය පලතුරු ගොවියා රැක ගැනීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Share

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

දේශීය පලතුරු ගොවියා නඟා සිටුවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ව්‍යවසායකයින් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රසයෙන්, ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන දේශීය පලතුරු පරිභෝජනය පිළිබඳ ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

Read more

Local News