ජපානය අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවතට – බෙල්ජියම ජපානය පරදවයි

Share

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත්වීමට ජපානයට සිදුවිය.

ඒ බෙල්ජියම් කණ්ඩායම හා ජපානය අතර (02දා) පැවැති තරගයේදී ජපානය ගෝල 2-3ක් ලෙස පරාජයට පත්විය.

ඒ අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා රැඳී සිටි එකම ආසියානු රටද තරගාවලියෙන් ඉවත්විය.

තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි විය.

තරගයේ 48 වැනි විනාඩියේදී හා 52 වැනි විනාඩියේදී ජපාන ක්‍රීඩකයන් ගෝල 2ක් වාර්තා කරමින් 2-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත් 69 වැනි විනාඩියේදී හා 74 වැනි විනාඩියේදී බෙල්ජියමද ගෝල දෙකක් වාර්තා කරමින් තරගය සම කළේය.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයෙන් පසුව ලබාදුන් අතිරේක කාලයේදී එනම් 94 වැනි විනාඩියේදී බෙල්ජියමේ චඩ්ලි වාර්තා කළ ගෝලයත් සමගින් ජපානය තරාවලියේ ඉවත්වූ අතර බෙල්ජියම අවසන් 8 දෙනාගේ වටයට පිවිසියේ ය.

Read more

Local News