රටේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය ල‌ෙස හපුතලේ කහත්තේවෙළ ගම්මානය සංවර්ධනය ක‌ෙ‌රේ

Share

රටේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වශයෙන් හපුතලේ කහත්තේවෙළ ගම්මානය සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම කෘෂි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ගම්මානයේ මුළික කෘෂි සංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රු. මි. 80කි.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගොවි ජනතාවට ආදර්ශයක් මෙන්ම නව අත්දැකීම් ලබා දීමේ අරමුණින් කහත්තේවෙළ ගම්මානය කෘෂි ආදර්ශ ගම්මානයක් වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත.

මෙම කටයුතු මෙම මස 21 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Read more

Local News