ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන අතර අවබෝධතා ගිවිසුමක්

Share

ජාතික සමගිය හා සහජීවනය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන 22ක් අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේදී අත්සන් කෙරුණි.
“අතීතය සුවපත් කරමු – අනාගතය ගොඩනගමු’’ ව්‍යාපෘතිය සහ ඒ හා සබැඳි වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය ක්‍රියා පටිපාටින්ටවලට අනුකූලව තෝරාගත් ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන 22ක් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති අතර ඔවුන්ගේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාගැනීමට සැලසුම් කර ඇත.
ම‌ෙම ව්‍යාපෘතිය යාපනය, අනුරාධපුරය, රත්නපුර, අම්පාර, මඩකලපුව, ගාල්ල, කළුතර, කිලිනොච්චිය, කුරුණෑගල, මන්නාරම, මාතර, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය, වව්නියාව ද ඇතුළුව දිස්ත්‍රික්ක 17ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read more

Local News