ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධ වල මිල අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

Share

ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළ‌ේ,
ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධ වල අවම මිල රුපියල් 64,000 දක්වා අඩු කරනවා. පිළිකා ඖෂධ වල මිල පැවැතුනේ රුපියල් 285,000 කටයි. ඉන් පසු එය රුපියල් 144,000 දක්වා අඩු කිරිමට මම පියවර ගත්තා. ඒ රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධයක් හදුන්වාදීමෙන්. තවත් පිළීකා ඖෂධ සමාගම් 02 ක් ලියාපදිංචිය සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාව ලක්ෂ 15 ක් පමණයි තිබුනේ. එම සීමාව ඉවත් කරමින් අඛණ්ඩව ඖෂධ ලබාදීමට මම පියවර ගත්තා.
එහිදී වසරකට පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා වැය කළ රුපියල් මිලියන 1300 ක් දක්වා වූ මුදල අද වන විට රුපියල් මිලියන 4800 දක්වා වැඩි වුනත් පිළිකා රෝගීන් ජීවත් වෙනවා. එදා පිළිකා රෝගීන් මියගියේ මුදල් නොමැති කමින්. නමුත් පිළිකා රෝගියා සිතන්නේ ඖෂධ නොමැතිකමින් මිය යනවා කියලා. රෝගියා මෙම සීමාවන් දන්නේ නැහැ. අපේ රජය මුදල් නොමැති බව ප්‍රකාශ කරන්නේ නැතිව අසරණ රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කරන බවයි.

Read more

Local News