කුඩා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ ද අඩු ව‌ෙයි – වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර

Share

පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ක් වූ කුඩා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ ද පිළිවෙලින් රු.55.00 කින් හා රු.25.00 කින් අඩු කර ති‌බේ.

එහ‌ෙත් තවමත් වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් කටයුතු සිදු කරන ලෙස තමන් නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

“රජය විසින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් අඩු කරන ලද ගෘහස්ථ ගෑස් මිළේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. එසේ ලබා නොදෙන වංචනික ව්‍යාපාරිකයන්ට විරුද්ධව නිීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මම පාරිභෝගික කටයුතු අධිකාරියට නියම කළා. පාරිභෝගික කටයුතු අධිකාරියේ 2003 අංක 9 දරණ පනතේ 60 වැනි වගන්තියට අනුව මේ ආකාරයට වැරදි කරන වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පුළුවන්. එම නඩුවෙන් වැරදිකරු වුවහොත් රු.5,000.00 – 50,000.00 දක්වා දඩ ගැසීමට හෝ බන්ධනාගාර ගත කිරීමට හෝ මේ දඬුවම් දෙකම හෝ නියම කිරීමට පුළුවන්. යම්කිසි සමාගමත් මඟින් මේ විෂමාචාර වරද කළහොත් රු.10,000.00 සිට 100,000.00 දක්වා වු දඩයක් හෝ අවුරුදු 2 ක සිර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකම හෝ නියම කිරීමට පුළුවන්. අපේ රජය මඟින්, ජීවන වියදම් කමිටුවේදී සෑම සතියකටම පාරිභෝගික භාණ්ඩ මිළ සමාලෝචනයේ යෙදෙනවා. ඒ අනුව පාරිභෝගික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ නියාමනයකට ලක් කරනවා. මේ ආකාරයට පාරිභෝගික ජනතාවට අපේ රජය ලබා දෙන සහනයන් ඒ ආකාරයටම ඔවුන් වෙත ලබා දිය යුතුයි. එසේ නොකරන වංචනික වෙළෙඳුන්ට එරෙහිව පියවර ගැනීමට අපේ අමාත්‍යාංශය යටතේ පවතින පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානමින් සිටිනවා. මේ පිළිබඳව පාරිභෝගික ඔබගේ පැමිණිළි 1977 හෝ 011 775 5181 අංක වෙත යොමු කිරීමට පුළුවන්.” යැයි පැවසීය.

Read more

Local News