දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක

Share

දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (04) නිකුත් කළ අනාවැකියේ දැක්ව‌ෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.

නැගෙනහිර මුහුදු ප්‍රදේශ‍ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-35 ක් පමණ වේ.

Read more

Local News