විජයකලා කොළඹට – රාජ්‍ය ඇමතිනිය ඉවත් කරන ල‌ෙස අගමැති කළ ඉල්ලීමේ කිසිදු සත්‍යතාවක් නැහැ

Share

යාපනයේ පැවැති උත්සවයක් අතරතුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹට කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි.

රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිනිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් න‌ොමැති බව ද සඳහන් ව‌ෙයි‍.

Read more

Local News