ස්විට්සර්ලන්තය පරදවා ස්වීඩනයට ජය

Share

පාපන්දු ‌ලෝකු කුසලාන තරගාවලියේ ඊයේ (03දා) ස්විට්සර්ලන්තය හා ස්වීඩනය අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් ලැබීමට ස්වීඩනය සමත් විය.

තරගයේ වාර්තා වූ එකම ගෝලය 66 වැනි මිනිත්තුවේදී ස්වීඩනයේ එමිල් ෆොර්ස්බර්ගි විසින් වාර්තා කරනු ලැබීය.

මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය.

Read more

Local News