ගුරු වැඩවර්ජනය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි – අධ්‍යාපන ඇමති

Share

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, විදුහල්පති, ගුරුසේවයේ නිලධාරීන් අද (04) දින ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දිවයිනේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි අද (04) දින ක්‍රියාත්මක වන බව ද පැවසීය.

නිලධාරීන්ගේ දැඩි බලෑමට ලක්වීම හේතුවෙන් ස්ථාන කිහිපයක ගුරුවරුන්ගේ සුළු අඩුවීමක් තිබුණ ද පාසල්වලට සිසුන් පැමිණීමේ හෝ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයේ අඩුවීමක් දක්නට නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීම හේතු කරගෙන මෙම වෘත්තීය සමිති වැඩවර්ජනය කිරීමට කටයුතු කර තිබේ.

Read more

Local News