මැණික් තොගයක් නීතිවිරෝධීව ම‌ෙරටට ගෙන ආ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Share

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  35 හැවිරිදි චීන ජාතික කාන්තාවක වන අතර ඇය මෙරට පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12ක පමණ කාලයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

සැකකාර චීන ජාතික කාන්තාව ඊයේ රාත්‍රී 11.30ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

සැකකාර කාන්තාවගේ ගමන් මල්ලේ සඟවා විශාල මැණික් කැට 18ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට විශාල ප්‍රමාණයක් බහා තිබූ පාර්සල 13ක් සොයාගත් අතර, එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777ක් බව සඳහන් ව‌ෙයි.

Read more

Local News