ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක්

Share

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද, කැළණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ 03ක්ද පිහිටුවීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
තාක්ෂණික හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත මානව සම්පතට ආර්ථිකය තුළ ඇතිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයකින් යොමු කිරීමට රජය තීරණය කොට තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක සමස්ත ආයෝජනයකින් යුත් විද්‍යා තාක්ෂණික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පීඨයන් ස්ථාපනය කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.
වර්තමාන ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන කුසලතාවයන්ගෙන් පිරි නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුත් ව්‍යාවසායකත්වය පිළිබඳ උනන්දුවක් සහිත උපාධිධාරීන් බිහි කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවේ සඳහන් කොට ඇත.

Read more

Local News