විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරනවා – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

විජයකලා රාජ්‍ය අමාත්‍යවරිය පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවත් කතානායකතුමා ද ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පළමුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළ බවයි.

Read more

Local News