Tuesday, March 19, 2024.

වරප්‍රසාද කඩවීම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ හැකියි – කතානායක

Share

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතැයි මතු කළ කරුණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 118 යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.

රාජ්‍ය ඇමැතිනි විජකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ සාකච්ඡා අවස්ථාවේ දී  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරිමෙන් සභාවේ කටයුතු කඩකප්පල් වූ බැවින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද
කඩ වී ඇති බැවින් ඔවුන් වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පි.පෙරේරා පාර්ලිමේන්තුවේදි කතානායකවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේ ය.

Read more

Local News