දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබාදුන්නේ විධිමත් ක්‍රමයකටයි – අධ්‍යාපන ඇමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සඳහා සහන ලබාදුන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බවයි.

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් 12000 කට අධික අභියාචනා ප්‍රමාණයක් ලැබී තිබුණා. ඉන් 1018 දෙනෙකු සඳහා ශ්‍රේණිත් ලබාදුන්නා. මේ සඳහා රාජ්‍ය සේව කොමිෂමේ අනුමැතිය ලැබී තිබෙනවා. මෙහි නුසුදුසු කෙනෙකුට ශ්‍රේණි ලබා දී නෑ. යමෙකුට ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව අධිකරණයට යා හැකියි. දරුවන්ගේ අනාගතය අඳුරු නොකර කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News