යුද හමුදා කැබ් රිය පෙරැළි ආරක්ෂක අංශ සාමාජිකයන් හතක් රෝහලේ

Share

යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිද, තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තිබේ.

ම‌ෙම අනතුරින් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇති බවයි පොලීසිය සඳහන් කළ‌ේ.

තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ තිදෙනෙක්, යුද හමුදාවේ දෙදෙනක්, පොලිස් නිලධාරියෙක් හා හමුදාවෙන් පලාගිය සෙබළාද වන බව පොලිසිය සඳහන් කරයි.

යුද හමුදා වෙන් පලාගිය සෙබළෙකු සොරණාතොට, මීගහවෙල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

Read more

Local News