ජාතික අනතුරු නිවාරණ සතිය හ‌ෙටින් අවසන්

Share

ජාතික අනතුරු නිවාරණ සතිය ඉකුත් 2වන දා ඇරැඹුණුු අතර හ‌ෙටින් (06) අවසන් ව‌ෙයි. මාර්ග අනතුරු වැළැක්වි‌මේ දිනය ල‌ෙස ජුලි 2 වැනිදා, ‌සේවා ස්ථානයන්හි අනතුරු වැළැක්විමේ දිනය ල‌ෙස 3 වැනිදා, නිවසේ සහ වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්විමේ දිනය ල‌ෙස 4 වැනිදා, ප‌ෙර පාසල්හි අනතුරු වැළැක්විමේ දිනය ල‌ෙස 5 වැනිදා, පාසල්වල සිදුවන අනතුරු වැළැක්විමේ දිනය ල‌ෙස 6 වැනිදා නම් කර ඇත.

කිසියම් අනතුරක් ‌හේතුවෙන් සෑම මිනිත්කුවක දීම අඩුම ල‌ෙස පුද්ගලයන් ද‌ෙද‌ෙන‌ෙකුවත් ර‌ෝහල්ගත කරන බවට සමීක්ෂණ වාර්තා වලින් ප‌ෙන්වා දී තිබේ.

හදිසි අනතුරු ‌හේතුවෙන් සෑම වර්ෂයක දීම පුද්ගලයන් 10,000ක් මරණයට පත්වන බවත්, මේ සියලු මරණ වළක්වා ගත හැකි බවත් ස‌ෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

හදිසි අනතුරු සිදුවිමේ ස්ථාන සලකා බැලිමේ දී නිවාස ආශ්‍රීතව සියයට 39ක්, මාර්ගයන්හිදී සියයට 27ක්, වැඩබිමෙහිදී සියයට 4.8ක්, තාවකාලික නවාතැන්වලදී සියයට 4ක්, අධ්‍යාපන ආයතනයන්හිදී සියයට 2.3ක් ල‌ෙස වාර්තා ව‌ෙයි.

Read more

Local News