ජාතික විගණන පනත් කෙටුම්පත සම්මත ව‌ෙයි

Share

ජාතික විගණන පනත් කෙටුම්පත ඊ‌යේ (5) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත කාරක සභාවේ දී සළකා බල සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියේ ය.

විගනන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනූෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

Read more

Local News