ඉදිරි දින වලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේග‌යේ වැඩිවීමක්

Share

ඉදිරි දින වලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ අනාවැකිය‌ේ දැක්ව‌ෙයි‍.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී.40-45 පමණ තරමක් තද සුළං ඇති විය හැක.

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි වැසි වාර කිහිපයක් ඇති වේ.

නැගෙනහිර මුහුදු ප්‍රදේශ‍ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

Read more

Local News