දූෂිත මනාප ක්‍රමය නැවත ගෙන ඒමට ඉඩ දෙන්න එපා – පාර්ලිමේන්තුවේ වගකීම ආරක්ෂා කළ යුතුයි

Share

පළාත් සභා ඡන්ද විමසීම් සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට එක්වෙමින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

සීමා නීර්ණ කොමිටිය පත් කළේ, සම්පුර්ණ වගකීම ගැනීමෙන්. මම සීමා නීර්ණ කොමිටුවට ඉල්ලීමක් කළා, සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන්න. අද මේ සභාවේ අපි විවාදය කරන්නේ ක්‍රමය නොවේ. වාර්තාවේ අඩුවකින් ඡන්ද ක්‍රමය වෙන්ස් කරන්න බෑ. අපට සියළු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් මේ වෙනස් කම් කිරීමේ හැකියාවක් තිබුණා.

ඊයේ ඡන්ද නිරීක්ෂණ කණ්ඩායම් හමුවුණා. ඡන්ද ක්‍රමය වෙනස් කරන් එපා කිව්වා. මිශ්‍ර ක්‍රමයෙන් දූෂණය අඩු වෙනවා කිව්වා. සමානුපාතික ක්‍රමයෙන් පක්ෂවල ගැටුම් ඇති වී තිබෙනවා. මේ ක්‍රමය වර්ණනා කරල, දැන් කියනවා මේ ක්‍රමය හොඳ නෑ කියලා. මේ පාර්ලිමේන්තුවේ වගකීම ආරක්ෂා කරන්න ඕන.

කිසිම පක්ෂයකට හෝ පුරවැසියෙකුට එක් ප්‍රජාවකට අසාධාරණයක් වෙන්නේ නෑ. හුගක් පක්ෂ තනිව තරඟ කරන්නේ නෑ. ජාතික පක්ෂ එක්ක් තරඟ කරන්නේ. මම රට දෙස බලන්නේ ශ්‍රී ලාංකිකයෙක් ලෙසයි. මුස්ලිම් ප්‍රජාවගේ ඡන්ද අඩුවීමක් වෙන්නේ නෑ. මේ සියලු දෙනා වෙනස ඇතිකරන්න කැපවී සිටින්න ඕන. මැතිවරණ පරක්කු වෙනවා කියලා දූෂිත මනාප ක්‍රමයකට යෑම සදාචරාත්මක නෑ. මේ සභාවේ විවාදයට කීයද ඉන්නේ. අපි සද්භාවයෙන් වැඩ කරන්න ඕන දූෂිත මනාප ක්‍රමයේ රට පිරිහීමට පත් වුණා.දේශපාලනය කරන්න සල්ලි තියෙන සංස්කෘතියද අවශ්‍ය වී තිබෙන්නේ.

දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙනවා. අපි කතා කරමු. සද්භාවයෙන් වට මේසයක වාඩි වෙලා අඩුපාඩු හැදුවා නම්, මෙය මාස කීපයකින් හදන්න පුළුවන්. අසාධාරණකම් වෙනස් කරන්න ක්‍රමවේද තිබෙනවා. අපට මේ වෙනස්කම ඇති කරන්න පුළුවන්. අද ජාතික දේශපාලන පක්ෂ හිර වෙලා. අද සුළු පක්ෂ සමහරක් තුවක්කුව දාලා දේශපාලනය කරන්නේ. ඒ සංස්කෘතිය වෙනස් කළේ නැත්නම් රටේ ඉදිරි ගමනක් නෑ.

ජාතිය ලේබලය දාලා දේශපාලනය කරන්න ලේසියි. මම මේ කතාව කණගාටුවෙන් කරන්නේ. නැවතත් ජාතිවාදී දේශපාලනයට යෑමයි පරණ ක්‍රමයට යන එක. නැවතවරක් මනාප ක්‍රමයට ගියානම් ජාතිවාදී දේශපාලනයේ
අත්තිවාරම  නිර්මාණය වෙනවා. ලාංකික දෘෂ්ටිකෝනයෙන් බලා මෙය හදමු. මේ රට ප්‍රගතිශීලී රටක් වෙන්න් ඕන නම් ප්‍රගතිශීලීව සිතන්න අවශ්‍යයි. ලාංකිකයින් ලෙස සිතිය යුතුයි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News