ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 කට ජනාධිපති සම්මාන

Share

මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පැවැත්වීමට යන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා පවසයි.

මේ සඳහා 2017 ජනවාරි 01 දා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිංහල, දෙමළ, ඉංග්‍රිසි පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ සමාජ මාධ්‍ය මඟින් පළකොට ඇති සුවිශේෂි වාර්තා විශේෂාංග හා වැඩසටහන් ඉදිරිපත් කළ හැකි බවත් ඒ අතරින් විශේෂ ජුරි සභා 4ක් මඟින් තෝරාගෙනු ලබන නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කෙරෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම නිමිත්තෙන් අද (06) පැවැති උත්සවයේ දී  අමාත්‍යවරයා පැවසී ය.

මෙයට අමතරව මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් කළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට ජිවිතයේ එක්වරක් පමණක් හිමි වන සම්මාන ද පිරිනැමේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දි වාර්ෂික ව මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්විමට තිරණය කොට ඇති බව ද අමාත්‍යවරයා පැවසිය.

Read more

Local News