මුම්බායි නගරයේ දුම්රිය නැවතුම් පොළක මගී තෙරපීමක්

Share

මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය නැවතුම් පොළක සිදු වූ මගී තෙරපීමකින් පයට පෑගී මරණයට පත් සංඛ්‍යාව විසි දෙදෙනකුට අමතරව තවත් තිස් දෙනකුත් තුවාල ලබා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් එකට සම්බන්ධ කෙරෙන එල්පින්ස්ටන්නම් දුම්රිය මධ්‍යස්ථානය අසල එම අනතුර සිදුව ඇත.

මහා වර්ෂාවක් පතිත වෙමින් තිබියදී විශාල ජනකායක් දුම්රිය මධ්‍යස්ථානයට වැටී ඇති මගී පාලමක් මත පොදි ගැසීම මහජන තෙරපීමට හේතු වූ බව සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති.

 

 

Read more

Local News