වසර 13 ක අධ්‍යාපනයට ඔපෙක් අරමුදලෙන් ඇ.ඩො. මිලියන 50ක ආධාර

Share

රජය විසින් මෑතකදී හඳුන්වාදුන් වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීණ තාක්ෂණික යටිතල පහසුමක් සැපයීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් ආධාර ලබාදී තිබේ.

මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70කි. මෙම ව්‍යාපෘතියට සහය වීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50ක් සැපයීමට එකඟතාවය පළකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

පසුගිය දශක දෙකක කාල පරිච්ඡේදය තුළ උපායක්‍රමිකව වැදගත් සංවර්ධන ව්‍යාපෘති ගනණාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහායන් පිරිනමමින් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවෙක් බවට පත්ව ඇත. වර්තමාන ණය මාලාව තුළ, අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) මහාමාර්ග සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබයි.

අපගේ ශ්‍රම බලකාය වැඩ කරන ක්‍රමවේදය හා රටාවන්, හැකියාවන් සඳහා පවතින වෙනස්වන ඉල්ලුම සහ තාක්ෂණික පිබිදීම යන ද්විත්වසාධක මත වෙනස් වීමට බඳුන් වේ. මෙම තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ අධ්‍යානපන සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් නැගී එන අවශ්‍යතාවලට අනුගත කිරීමට අවශ්‍ය වී ඇත. තාක්ෂණ සහ පර්යේෂණ යන ක්ෂේත්‍ර, අවශ්‍ය වෘත්තීය කුසලතා සැපයීම සඳහා ඒකාබද්ධව දායක වනු ඇත. රජය විසින් මෑතකදී වසර 13 අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තියඳ හඳුන්වා දෙන ලදී.

මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර  උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70කි. මෙම ව්‍යාපෘතියට සහය වීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50ක් සැපයීමට එකඟතාවය පලකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

Read more

Local News