තායිලන්තයේ ලෙ‌නේ සිරවී සිටින ළමයින් බේරාගැනීමේ මෙහෙයුම තාවකාලිකව නතර කරයි

Share

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයිි.

ඒ, බේරාගැනීමේ නිරත කණ්ඩායම්වලට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් උපකරණ සපයා ගැනීම සඳහායි.

ඊයේ (08) දිනය වනවිට සිරවී සිටි පිරිස අතරින් ළමයින් හතරදෙනෙකු බේරාගන තිබේ.

විද‌ෙස් වාර්තා සඳහන් කළ‌ේ, ම‌ෙම ළමයින් හතරද‌ෙනා ල‌ෙන ආසන්නයේ ඇති ර‌ෝහලකට මුලික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය ජුලි 23 වන දාා සිට ඔවුන් ජලය පිරුණු ල‌ෙන‌ෙහි සිරවී සිටින අතර, කඩිනම් මුදාගැනීමේ ම‌ෙහ‌ෙයුම ආරම්භ වුයේ ම‌ෝසම් වැසි ඇතිවිමේ අවදානමත් සමඟයි.

 

Read more

Local News