වැල්ලවාය නිකපොත රක්ෂිතයේ විශාල ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ නිකපොත කන්ද රක්ෂිතයේ අද (9)‍ දහවල් සිට විශාල ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න අද දහවල් කාලය පුරාවටම රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර මේ වන විටත් ගින්න තැනින් තැන පැතිර යමින් පවති.

ගින්න නිසා රක්ෂිතයේ අක්කර හතලිහකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර වන සතුන් රැසක්, ඖෂධ පැළෑටි සහ වටිනා ශාක රැසක් ම විනාශ වී තිබේ.

මේ වන විටත් ගින්න ව්‍යාප්ත වෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

Read more

Local News