සිසුදරුවන් 1000කට සුභග ශිෂ්‍යත්ව – අධ්‍යාපන ඇමති

Share

ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්ගෙන් සුවිශේෂ දක්ෂතා සහිත පාසල් සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගත් සිසුන් 1,000කට ශිෂ්‍යත්ව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ලබන 12 වැනි දින අරලියගහ මන්දිරයේ දී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතයි.

රටේ සංවර්ධනයට සුවි‍ශේෂී දායකත්වයක් ලබාදිය හැකිවන පරිදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සුවිශේෂී දක්ෂතා දක්වන සිසුන්ට එම කුසලතා තවදුරටත් වැඩිදියුණු කරගැනීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින්, ද්විතීයික අධ්‍යාපන අවධියේ (අයදුම්පත් කැඳවන ලද වර්ෂය තුළ  12 වැනි ශ්‍රේණියට ඇතුළත්ව අ.පො.ස උසස් පෙළ හදාරන) සිසුන් අතරින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සිසුන් තෝරා ගැනීම් සිදු කර ඇත.

Read more

Local News