ගාල්ල නව දිසාපති වශයෙන් සෝමරත්න විදානපතිරණ මහතා රාජකාරි අරඹයි

Share

ගාල්ල නව දිසාපතිවරයා වශයෙන් වවුනියාවේ හිටපු දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඊයේ දින (09)  සිය රාජකාරි ආරම්භ කළේය.

ඇඹිලිපිටිය මහ විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලැබු ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාර ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවෙිදි රාජ්‍ය පරිපාලන උපාධිය ලබාගත් අයෙකි.

දසවසරක කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති ඒ මහතා 1995 වසරේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වි ඇත. කොලෙන්න, පැලමඩුල්ල ඇඹිලිපිටිය සහකාර ප්‍රාද‌ේශීය ලේකම් ලෙස රාජකාරි කල එතුමා රත්නපුර අතිරේක සහ වැඩබලන දිසාපතිවරයා වශයෙන් ද සේවය කර ඇත. 2001 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද, 2009 වසරේදි ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන්ද සේවය කල සොමරත්න මහතා අපාදාකලමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාවශයෙන් සේවය කර පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා වහයෙන් ගෙවි ගිය කාලයේ සිය රාජකාරි ඉටුකලේය. ජාතින් අතර එකමුතු කම සහ ආගමික සංහිඳියාව පිළිබඳව ඉහළ උනන්දුවක් දක්වන ඒ මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ගාල්ල හිටපු දිස්ත්‍රික් ලේකම් එස් ටි කොඩිකාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්විම් ලැබිමෙන් අනතුරුවය.

Read more

Local News