සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත්

Share

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැක.

දිවයින හරහා, විශේෂයෙන් උතුරු, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News