රාජාංගණය ජලාශයේ අප ජලය ජලාශයෙන් ඉවත් කිරීමට අවශ්‍යය කඩිනම් පියවර

Share

රාජාංගණය ජලාශයේ ඉවුරු ආසන්නයේ පවතින ජලය තද කොළ පැහැ ගැන්වීමට හේතු පරික්ෂා කරන ලෙසත් එම අප ජලය ජලාශයෙන් ඉවත් කිරීමට අවශ්‍යය කඩිනම් පියවර ගන්නා ලෙසත් වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

ඒ පිළිබඳ සැලවීමෙන් අනතුරුව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා සමඟ වාරී මාර්ග දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරල් එස් මෝහනරාජා, අනුරාධපුර වාරී මාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් රජාංගනය ජලාශය නිරීක්ෂණය එක්වුු අවස්ථාවේදී ම‌ෙම උපද‌ෙස් ලබා දී ඇත.

වැව් ඉවුරු අසල ජලය දීර්ඝ කාළයක් තුළ රැදී පැවතීම හේතුවෙන් මෙලෙස බැක්ටීරියා වර්ධනයක් සිදු වී ඉවුරු අසල ජලය කොළපැහැ ගැන්වී ඇති බවට සැක කරන බව එහිදී නිළධාරීන් විසින් අමාත්‍යයවරයාට පැවසීය. ගොවි බිම් වලට යොදන කෘෂි රසායන ද්‍රව්‍යය ඇළ මාර්ග හරහා රාජාංගනය ජලාශයට මුසු වී දීර්ඝ කාළයක් තැන්පත් වී පැවතීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇති විය හැකි බව නිළධාරීන් එහිදී පෙන්වා දුන්හ.

ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය විශේෂඥ නිළධාරීන් කැඳවා ජලාශයේ ජලය කොළ පැහැ ගැන්වීමට හේතු පරික්ෂා කරන ලෙසත්, ජලාශයෙන් එම කොළ පැහැති ජලය ඉවත් කිරීම සඳහා අවශ්‍යය පියවර කඩිනමින් ගන්නා ලෙසත් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

රාජාංගනය ජලාශයේ ජලය කොළ පැහැවී හමන දැඩි දුර්ඝන්දය හේතුවෙන් ප්‍රදේශවාසීන් රෝගාතුර වී ඇතැයිද ප්‍රදේශවාසීන් පවසති. තවද මත්සයින් ඇතුළු ජල ජීවින්ටද මෙහි බලපෑමක් ඇතැයි ඔවුන් පවසති.

Read more

Local News