තායිලන්තයේ ලෙන් සංකීර්ණයේ සිරවී සිටින ළමයින් බේරාගැනීමේ මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි

Share

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින පිරිමි ළමුන් කණ්ඩායමේ අවසන් සාමාජිකයන් පස් දෙනා බේරා ගැනීමේ අවදානම් සහගත මෙහෙයුම යළි ආරම්භ කිරීමට කිමිදුම්කරුවෝ සුදානම් වෙති.

ළමුන් සිව් දෙනාගේ සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක බව පැවසේ.

ජලයෙන් යට වී පවතින ලෙන් සංකීර්ණයේ පටු මං ඔස්සේ ඔවුන් රැගෙන ඒමට කටයුතු සුදානම් කර තිබේ.

මේ වන විට ළමුන් අට දෙනෙකු ලෙන් සංකීර්ණයෙන් පිටතට රැගෙන එනු ලැබිණි.

පසුගිය ජුලි 23 වන දාා සිට ඔවුන් ජලය පිරුණු ල‌ෙන‌ෙහි සිරවී සිටින අතර, කඩිනම් මුදාගැනීමේ ම‌ෙහ‌ෙයුම ආරම්භ වුයේ ම‌ෝසම් වැසි ඇතිවිමේ අවදානමත් සමඟයි.

Read more

Local News